Latest Entries »

SLT Logo

Logo

අපි කවුරුත් SLT ADSL සම්බන්ධතාවයක් ගන්නෙ ඒකෙ තියන වේගය වගේම අසීමිත භාවිතය නිසා. ඒත් ටෙලිකොම් හොරපාරෙන්ම එයාලගෙ සම්බන්ධතාවලට FUP (සාධාරන භාවිතයක්) හදුන්වල දෙන්න යන්නෙ. මේක පටන් අරන් දැන් කීප දවසක්. ඒත් නිලවශයෙන් නෙවේ. තාම තාවකාලිකව සම්බන්ධතා කීපයකට.

ඒ අය අපගේ භාවිතයන් නිතරම නිරීක්ෂණයෙන් ඉන්නෙ. මේ අනුව වැඩිපුර බාගත කිරීම් තියන දිවයින පුරා සම්බන්ධතා 110 කට මේ අය සීමා පනවල. ඒ සම්බනධතා Blacklist කරල. ඒක නීසා ඒවගෙ වේගයන් වගේම ගුණාත්මක භායටත් ගැටලු. මේ ගැන බොහෝ ටෙලිකොම් සේවකයන්වත් දන්නෙ නෑ. සම්බන්ධාවයෙ ගැටලුවක් කිවහම ඇවිදින් දවස් ගනන් හදනව. ඒත් එකම ලෙඩේ. ඒත් මේ ගැන ඉහල අය දන්නව. තාම එලියට දාල නැ. ඒත් දන් සතියක විතර ඉදන් මේ අයට හරියට සම්බන්ධතාවය නෑ. ‍මේ අය අසීමිතයි කියල දුන්නට දැන් ඒක සීමා කරනන්න පටන් අරන්. ඒකෙ පළමු පියවර වශයෙන් තමා සම්බන්ධතා 110ක්ට ක්‍රියාමාර්ගයක් අරන් තියෙන්නෙ.

ඒත් මේ ගැන ඒ අය මුලින් කියල නැති නිසාත් මේ හැමෝම 4Mbps සම්බන්ධතා අරන් තියන අය නිසාත් මේ ගැන ඒ අය දිගින් දිගටම සකච්චාකරගෙන යනවලු. ඒකයි එයලිය සීන් එක දාල නැත්තෙ. මොකද මේ මැද්දට වෙන සේවා සපයන්නෙක් මැදිහත් උනොත් මේ සම්බන්ධතා සියල්ල ටෙලිකොම් වලට නැතිවෙන්න තියන ඉඩකඩ වැඩී. ටෙලිකොම් එකේ ඉහල අය ඒ ගැනත් බයෙන් ඉන්නෙ. දැනටමත් මේ අයගෙන් කී දෙනෙක් ඩයලොග් වලට වගේ මාරුවෙලාද දන්නෙ නෑ. මොකද කැෆේ එකක් වගේ එකකට එක දිගට සතියක් විතර සම්බන්ධතාවය නැතිනම් එයාලට ඒක වහල තියන්න තමා මෙන්නෙ. ඒ වගේ එකක බාගත කිරීම් සීමාකරන එකත් අමාරුයි. එයාටෙල් එකපාර FUP එකක් දැම්ම වගේ මේ අයත් නිලවශයෙන් FUP දායිද දන්නෙ නෑ.

හැබැයි මේ ගැටලුව තියෙන්න 4 Mbps සම්බන්ධතා වලට. මොකද අනිත්ව එක දිගට බෑවත් ලොකු ප්‍රමාණයක් බාගන්න බෑ. මේ අය මේ භාවිතය බලල තියෙන්න සම්බන්ධතාවයට අනුව නෙවේ. සියලු සම්බන්ධතා පොදුවේ අරන්. ඒක නිසා මේක බලපාන්නෙ 4Mbps සම්බන්තා වලට. මම දන්න කීපදෙනෙක් ඉන්නව 1Mbps වලින් දවසම බාන අය. ඒ අයට ගැටලුවක් නෑ. ඒත් 4Mbps වලින් එක දිගට (එක දිගට කීවට දවසට පැය 15ක්වක් බෑවත් ඇති වගේ) බාපු අයට තමා මේ ගැටලුව.

ඒත් මේ ගැන ටෙලිකොම් කලින් දැනුවත් කිරීමක් කරල නෑ. ඒ වගේම මෙවැනි සීමා ගැන කොහෙවත් සදහනක් නැ. මාසෙට රු 12,000 කි විතර ගෙවල ව්‍යාපාරයකට අසීමිත සම්බන්ධතාවයක් අරන් නොබා ඉන්න එකත් එක අතකින් පාඩුයි. ඒ වගේම කිසිම පියවරක් නොගෙන සතියකට වැඩි කාලයක් මේ අයගෙන් පලිය ගන්න එකත් වැරදි.කොහොම හරි මේ බාගත කිරීම් නිසා ටෙලිකොම් වල අනිත පාරිභෝගිකයන්ටත් ගැටලු ආව නිසාලු මෙහෙම කරල තියෙන්න. කෙසේ වෙතත් මේ 110 දෙනා නිකන් ඉන්න එකක් නෑ. එක්කො දෙන්න බැරි ඒව නොදී ඉන්න ඕනෙ. නැතිනම් සම්බන්ධතා දෙද්දි හරි මෙහෙම එකක් කරන්න කලින් කියන්න ඕනෙ. වෙන එකකට මාරුවෙන්න හරි

ඔය ගැටලුව ආව සම්බන්ධතාවල දැනට මාස කීපයක ඉදන් ගුණාත්මක භාවයෙ ගැටලු තිබ්බ. ping එකක් යද්දි කැඩි කැඩි යනව. සයිට් ලෝඩ් වෙද්දි ගැටලු. වගේ ඒව. ඒත් ටෙලිකොම් වලට පැමිණිලි කලාම කිසි දෙයක් කීවෙ නෑ. හරි ගස්සවනව. එහෙම කරල ආයෙ දවස් කීපයෙන් ගැටලුව. මෙහෙම ගිහින් අන්තිමට තමා මේ පියවර අරන් තියෙන්නෙ. කොහොම කොහොම හරි සේ කරගෙන යන සාකච්චා වලින් මේ සීමවාව දිගටම නොතිය අයින් කලොත් හොදා. නැතිනම් ADSL ත් HSDPA වගේ Unlimited කීවට සීමාව පන්නපුවහම FUP එකක් දායිද දන්නෙ නෑ

copied from Ek

දැන් utorrent භාවිතා නොකරපු කෙනෙක් හොයාගන්නත් බැරි තරම්… ඒ තරමට ඒක ජනප්‍රියයි. ඔබට චිත්‍රපටියක්, ගීත, මෘදුකාංග වැනිදේ පහසුවෙන් නොමිලේ ලබාගැනීමට හැකියි. ඒ ගැන විස්තර අනවශ්‍යයිනේ.

අළුත්ම සංස්කරණය, එනම් µTorrent 3.0 දැන් හඳුන්වාදීලා, ඇත්තෙන්ම ඊයේ රෑ තමයි මේක වෙලා තියෙන්නෙ……

ඒ වගේම නවතම web interface එකක් මෙයින් ඔබට වෙනත් පරිගණකයකින් ඔබේ torrent වල වෙනස්කම් කිරීමටත්, අළුත් torrent එක් කිරීමත් පහසුකරලා තියෙනවා.

ඔබට කරන්න තියෙන්නේ uTorrent under Options > Preferences > Web හරහා පාස්වර්ඩ් එකක් ලබාදී ඒ හරහා ඔබේ torrent පාලනය කිරීමයි.

මින්පෙර අත්නොවිඳූ ආකාරයට live streamming ලෙස ඔබේ torrents පාලනය කරන්න පුළුවන්

https://web.utorrent.com/

විශේෂම කාරණය වන්නේ සමහර නවීන ජංගම දුරකතන හරහාද මෙම webUI ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබීමයි. දැනට iPhone, iPad, Android phones වලට මෙය සක්‍රීය කරලා, පසුවට අනෙකුත් ඒවාටද පහසුකම ලබාදෙනබව ඔවුන් පවසනවා.

එහෙනම් µTorrent Version 3.0 (build 20814) බාගත කරලා බලන්නකෝ..

http://download.utorrent.com/beta/utorrent-3.0-beta-20814.upx.exe

WebUI download

https://web.utorrent.com/

මේක මට ලංකාවේ වෙබ් අඩවියකින් හම්බුනෙ අහම්බෙන් වගේ…

Colombo Stock Exchange is a highly active market in the South Asian region. Investing is Shares is much profitable considered to other investment techniques. “Guide To CSE” is helping you to develop it.

කොටස් වෙළඳපළ ආයෝජනයට ප්‍රවේශයක් ලබා දීම මෙම අඩවියේ අරමුණයි.

http://www.guidetocse.com/

ඔයාලට ඩොලර් 5ක් දෙනව නම් ඔයාල එ වෙනුවෙන් කරන්න කැමති වැඩේ මොකද්ද?
සීඩී කවරයක් ඩිසයින් කරල දෙන්න?
කාගෙ හරි වෙබ් ඉඩකට වර්ඩ්ප්‍රෙස් දාල දෙන්න.
ෆොටෝ ටිකකින් ප්‍රසන්ටේෂන් එකක් හදල දෙන්න
ඔයාගෙ ලොකුම රහස අහගෙන ඉන්න.
පොඩි වෙබ් අඩවියක් හදල දෙන්න
ඩොලර් 5කට මේ වගේ එක එක දේවල් කරන්න කැමති කට්ටිය ඉන්න සයිට් එකක් තමයි Fiverr කියන්නෙ. ඔයාලටත් මේකෙ රෙජිස්ටර් වෙලා එහෙම ඔයාල කරන්න කැමති දේවල් දාන්න පුළුවන්. පොඩි ගාණක් අතට ගන්න පුළුවන් වැඩක්.

http://www.fiverr.com/

Electro-House Blender කියන්නෙ ඔන්ලයින් තියෙන ඉතාම හොඳ Music Mixer එකක්, අපේ Tracks දාල, එක එක Effects එහෙමත් දාල ලොකු ලොකු වැඩ කරගන්න පුළුවන්…

මෙතනින් යන්න..

මේ කාලෙ ජංගම දුරකථන හරහා අන්තර්ජාලය හා සම්බන්ධ වීම ඉතාම ජනප්‍රියයි. විවිධ මෘදුකාංග වගේම 3G වගේ වේගවත් අන්තර්ජාල සබදතාත් තියෙනවනෙ දැන් දුරකථන වලට. ඉතින් ඔයාලගෙ බ්ලොග් අඩවියටත් ජංගම දුරකථන හරහා පැමිණෙන්න පුළුවන් වෙන්න හදා ගත්තොත් කොහොමද? ඒ හරහාත් ඔබට කියවන්නන් පැමිණෙනවනෙ.

ඔබගේ බ්ලොග් අඩවිය ජංගම අන්තර්ජාලය හරහා පහසුවෙන් බලන්න සකසා ගන්නෙ මෙහෙමයි. යන්න බ්ලොග් අඩවියේ Design > Edit html
ඊට පස්සෙ මෙන්න මේ කෝඩ් එක හොයාගන්න.

<b:include data=’blog’ name=’all-head-content’/>
මේ පහළ තියෙන කෝඩ් එක, ඒකට පහළින් පේස්ට් කරන්න.

<meta content=’IE=EmulateIE7′ http-equiv=’X-UA-Compatible’/>
<b:if cond=’data:blog.isMobile’>
<meta content=’width=device-width, initial-scale=1.0, user-scalable=0′ name=’viewport’/>
<b:else/>
<meta content=’width=1100′ name=’viewport’/>
</b:if>

දැන් කෝඩ් එක සේව් කරන්න.

එච්ච්රයි.

දැන් ඔබේ බ්ලොග් අඩවිය ජංගම දුරකථන හරහා ඉතා වේගයෙන් බලාගන්න පුළුවන්.

මම හිතුවා අපි හැමෝටම ප්‍රයෝජනවත් වෙන තොරතුරු තාක්ෂණය පිලිබඳ කරුණු ත් මේ බ්ලොග් එකේ ලියන්න..
ඔන්න ඉස් ඉස්සෙල්ලම මම ලියන්න හදන්නෙ HSDPA මොඩම් ගැන. මේවා අපට රුපියල් 5000ත් 8000ත් අතර මුදලකට වෙලඳපොලෙන් මිලදී ගන්න පුලුවන්. ලංකාවෙ ඕනම ජංගම දුරකතන සමාගමකින් වගේම පුද්ගලික ආයතන වලිනුත්. ඉතින් අපි මෙහෙම මිලදී ගන්න මේ සමහර USB මොඩමයන් එම සමාගම් වල දුරකතන සංඥාවලට ඉබි යතුරු දමීමක් (ලොක් කිරිමක්) සිද්ධ කරනව. එහෙම කලාම අපිට එම දුරකතන සමාගමෙ සිම්පත් පමණයි මොඩමය ක්‍රියාත්මක කරන්න පාවිච්චි කරන්න පුලුවන්. මම අද කියල දෙන්න යන්නෙ මෙම “ලොක්” එක අයින් කරගන්නෙ කොහොමද කියන එක ගැනයි. මෙහෙම ලොක් එක අයින් කිරිමෙන් ඔබ මිලදීගත්ත මොඩමයට ලෝකයේ ඕනම සිම් පතක් ඇතුළු කර අන්තර්ජාලයට පිවිසෙන්න පුලුවන්.

මෙහෙමයි වැඩේ වෙන්නේ.. මුලින්ම මොඩම් එකේ IMEI අංකය හොයාගන්න

http://bb5.at/huawei.php?imei=***************

(***************වෙනුවට ඔයාලගේ IMEI අංකය ටයිප් කරන්න.)

දැන් මේ ටික ඇඩ්‍රස් බාර් එකේ ටයිප් කරන්න. ර්ට පස්සේ මේ විදියට අන්ලොක් කෝඩ් එක ඒවි.

දැන් වේන සිම් 1 දාලා බලන්න. එතකොට අන්ලොක් කොඩ් එක ඉල්ලයි කොඩ් එක දිල බලන්නකෝ..

වැඩේ හරි.

ඔබත් ෆුඩ් සිටියෙන්, ගෙදර යන ගමන් ද භාණ්ඩ මිලදී ගන්නෙ???? මොකද හිතෙන්නෙ ඔවුන්ගෙ මේ “ෆුඩ් සිටි” ගැන?????
එකම තැනකින් සේවාවන් ගොඩක් ලබාගන්න පුළුවන්, ඒක හරි පහසුවක් වගේම ලෙහෙසියි කියල සමහර දෙනෙක් කියයි.. තවත් අයෙක්ගෙ මතය මෙයට හාත්පසින්ම වෙනස් වෙන්න පුලුවන්.. ඔවුන්ගෙන් භාණ්ඩ මිලදී ගත්තම එම ද්‍රව්‍ය බහාලන “ෂොපින් බෑගය” ට අපෙන් වෙනම මුදලක් අය කරනවද????

මට නම් එහෙම සිද්ධියකට මුහුණ දෙන්න සිද්ධවෙලා නෑ. ඒත් මගෙ යාළුවෙක්ට එහෙම සිද්ධියක් වෙලා..එහෙම අය කරන එක සාධාරණ නෑ..

මෙය ගැන ඔබගේ අදහස් කොහොමද..??????

පහුගිය දවස් ටිකේම බ්ලොග් එකේ ලියන්න හිතුවත් එයට මට වෙලාවක් නැති වුනේ වැඩ හින්ද. හරියට ගමන්. ඇවිදින එක තමයි ඉතින්. අද ඉඳන් තමයි ඔන්න ලියන්න කියල හදන්නෙ, පහුගිය ටිකේ දකින්න, අත්දකින්න වුන දේවල්…

මම බ්ලොග් එකේ අන්තිමට ලිව්වෙ අපෙ ගෙවල් පැත්තෙ හදපු තාවකාලික පාළමක් ගැන.. ඉතින්, මේ පාළම ගැන ගොඩක් දේවල් ලියන්න තිබ්බා, මේ වෙනකොටත් ඒවට නිසි පිළියම් යොදා නොතිබ්බනම්.. (අලුතෙන් හදපු පාරෙ,දවස් දෙකක් යන්නත් කලින් වලවල් හැදිල, දැන් නම් ඒව හදල, පාර කාපට් කරලා)..
හැබැයි ඔය මොක කලත් තාම රත්තනපිටි හන්දියෙ මාර්ග තදබදය නම් අඩු වෙලා නෑ

ආ.. අමතක උනා, හදපු පාළම උඩින්ම තමයි පදිකයන්ට යන්නත් වෙලා තියෙන්නෙ…ඒකට නම් පිලියමක් යොදල නෑ තවම.. බලධාරීන්ට ඒක ගැන මතක් වෙන්නෙ මගීන් 2,3දෙනෙක් යන එන වාහනයකට දෙකකට යටවුනාට පස්සෙ තමයි..

ඕකනෙ හැමදාම වෙන්නෙ….

ගිහින් එන්නම්…

මේ දවස්වල අපේ ගෙවල් පැත්තට එන පාරක් වහල. ඒ බොරලැස්ගමුවෙ ඉඳන් පැපිලියානට වෙනකන්. ඇයි කිව්වොත් රත්තනපිටියෙ “කටු ඇළ” හාරල ලොකු කරනව, කලින් තිබ්බ පොඩි පාළම වෙනුවට ලොකු පාළමක් හදනව. ඇයි ඉතින් රත්තනපිටිය හන්දිය පොඩි වැස්සක් වැස්සමත් යට වෙනවනෙ වාහන යන්නත් බැරි තරමට. ඉතින් ඒකට විසඳුමක් විදියට තමයි ඔය “කටු ඇළ” ලොකු කරන්නෙ. දැන්, එතන තිබ්බ පොඩි පාලම කඩල ලොකුවට පාලමක්, කොටස් දෙකකට හදනව. මේක දවස් 3කින් හදල දෙනව කියල තමයි මාර්ග සංවර්ධන අධිකාරිය පොරොන්දු වෙලා තියෙන්නෙ. ඒ නිසා රෑ-දවල් නොබලා එතන වැඩ ගජරාමෙට. මමත් ඉතින් ඒක බලන්න ගියා ඊයෙ රෑ, අද උදේ වගේම අද හවසත්..
ඔයගොල්ලොත් බලන්නකො…..

මේ විදියට නම් දවස් 3න් හදන්න පුළුවන් වෙයි ඔය පාලම.. බොහොම සංතෝසයි…

ගිහින් එන්නම්..